Friday, January 4, 2013

ඇට්ලස් යාලුවා

කල්‍යාන මිත්‍රයෝ, පාප මිත්‍රයෝ ඔක්කොම අතරට අලුතෙන් ආපු ඇට්ලස් මිත්‍රයා. මේකා අගේ ඉදන් කණ කන ජාතියේ එහෙහෙකුත් නෙමෙයි අමුතුම එකෙක්...
මේ දවස් වල TV බලනකොට ඕන්න යනව වෙලද දැන්වීමක්. ඕකෙ කියනව මොක්කුද උන් දෙන්නෙක් පොඩිකාලෙ ඉදල හොදම යාලුවොලු. මුන් දෙන්න ඉගෙන ගන්නෙ එකම පංතියෙලු. මුන් විභාගෙට පාඩම් කලෙත් එකටලු (අපිනම් ඕව කොලේ නෑනෙ) හැබැයි එකෙක් විභාගෙ ලියන්න ගෙනිහින් තියෙන්නෙ අහවල් සමාගමේ පෑනක් අනික මොකක් හරි ගෙනියන්න ඇති. දැං දෙන්න විභාගෙ ලියනව එකෙක්ගෙ පෑන ලියවෙන්නෙ නෑ ඌ ඒක ගසනව එක විකාරයයි. ඕක දැකපු උගෙ යාලුවට මෝඩ ආතල් එකක් ගිහින් හිනාවක් දාල ආයි ලියන්න ගන්නව... පස්සෙ අර අහවල් පෑනෙන් ලියපු එකා දොස්තර කෙනෙක් වෙලා ඉන්නව පෙන්නනව.

ඔන්න ඔහොමයි වැඩේ වෙන්නෙ දැං වැඩේ කියන්නෙ මට තාම ඇට්ලස් යාලුවෙක් හම්බවෙලා නෑ.. අනේ අනාගතේදි හම්බවෙන්නත් එපා. මේ වෙලද දැන්වීමට බනිනව එහෙම නෙමෙයි ඕක හදපු එක්කෙනා ඇට්ලස් යාලුවෙක් වෙන්න ඇති ඒ එක එක අයගෙ හැටිනෙ ඒත් ඕක බලන පොඩිඋන් යාලුකම කියන්නෙ මොකක් වගේ එකක් කියල හිතාගනීද කියන එකයි ප්‍රශ්නෙ...

හැබැයි ඉතිං ඕකෙ තරගකාරී අධ්‍යාපනේ වැරදී වගේ සම්භාව්‍ය කතාවක් තියනවනද දන්නෑ. කියන්න බෑනෙ මගේ පිස්සු මොලේට තේරෙන්නෙ නැති එහෙම ලොකු මිනිස්සුන්ගෙ කතාවක් තියනවනම් එහෙම සොරි වේවා හොදේ...

4 comments:

  1. ඇත්ත තමයි.. රුපියල් විතරක්ම නෙවෙයි වටේ පිටේ දේ ගැනත් ටිකක් හිතලා බලලා වෙළද දැන්වීම් හදනවා නම් මමත් කැමති..
    කළු සුදු

    ReplyDelete
  2. මනුස්ස කමටත් රුපියල් වලින් අගය කියන කාලයක් යාලුවා මේක

    ReplyDelete
  3. ඇයි බං මම?මම විභාගෙදි හිර වෙලා හිටපු උඹ දිහා බලලා හිනා නොවුනු බව ඇත්ත.ඒත් අපි ඉගන ගත්තෙ එකම දේවල් එකම විදියටටෞඹෙත් මගෙත් ලොකු වෙනසක් නොතිබුනු බව උඹ දන්නවා.උඹ ඉන්න ඕනි මෙතන මගෙත් එක්ක.ඒත් අද?
    උඹ ඔතන,
    මම මෙතන.
    නොදකිං,මේ පාහර ලෝකය.................

    ReplyDelete
    Replies
    1. everything was planned කියනවනෙ බං හික් හික්

      Delete