Tuesday, October 23, 2012

ඈතට ඇපල් ලගට පැපොල්


                                    ඈතට ඇපල් ලගට පැපොල් කිවුවම ඉතින් කස්ටියට එක එක පිස්සු විකාර හිතෙනව ඇති. (බඩගින්නට ඇපල් මොකෝ පැපොල් මොකෝ කියපු අයත් නැතෑ…) මේකෙ කියන්නෙ වෙනම එකක්. වෙනම එකක් කිව්වට ඔය කලින් කිව්ව එකටත් දැම්මැකි ඉතින්…
                                    දැන් අපි කාව හරි(මොකක් හරි) ඈතින් දැක්කහම (ඈතින් කිව්වෙ භෞතිකව නෙමෙයි හොදේ) අපි හිතාගන්නව මෙයා(නැත්තන් මේක) මේ වගේ (blaa blaa blaa…) ඇති කියල. ඒත් ඉතින් ඒ හිතාගන්න එක මේලෝකෙ නෑනෙ ඒක තියෙන්නෙ අපේ හිතේ. ලගට ගියාම මේ අපි හිතන් හිටපු දේ නෙමෙයි කියල තේරෙනව ඉතින් පැපොල් වෙන එක අහන්නත් දෙයක්ද නේද…
ස්වාමීන්වහන්සේ නමක් ඕකට හොද උදාහරනයක් කිවුව. දැන් අපි ඉගෙනගන්නව ගොඩක් අය ඉගෙනගන්නෙ රස්සාවක් කරන්නලු හරි දැන් එයාලට ඉගෙනගන්න එක දුකයි හැබැයි රස්සාව ඕනි හින්ද ඒකත් කොරනවලු. දැන් ඉගෙනගත්තයි කියමුකො රස්සාව දුකයි හැබැයි සල්ලි ඕනි හින්ද ඒකත් කොරන්න වෙනව.. දැන් සල්ලි ටිකකුත් හොයාගත්ත කියමුකො වියටදන් කරන්න දුකයි හැබැයි වියදන් කරල ගන්න දේට ආසයි. ආස උනාට ගන්නෙ ඔය මුලින්ම කිවුව වගේ හිතින් හදාගන්න දෙයක්.. ගත්තයින් පස්සෙ ඉතින් පැපොල් තමයි… දැන් මොකද කරන්නෙ ඔහොම තමයි හැම එකම….
දැන් ඉතින් සමහර අය කියයි එයාල සදාකාලික ඇපල් ගෙඩි දැකල තියනව කියල. ඕක වෙන්නෙ මෙහෙමයි මගෙ හිතේ ඇපල් ගෙඩිය හැමදාම ඈතින් තියන් ඉන්නකන් ඒක ඇපල් තමයි ලං වෙලා බැලුවම පැපොල් වෙයි ඉතින්… දැන් ඉතින් කස්ටිය කියයි මේ පිස්ස බන කියනව කියල අවුලක් නෑ බන උනත් කියන්නෙ පිස්සෙක්නෙ ඒක හින්ද වැඩිය හිතන්න එපා…

Thursday, October 18, 2012

ඒකාකාරී පිස්සෝ


              මේ ඔක්කොම මාරම ඒකාකාරී.. ඒ ඇයි කියල කවුරුවත් බලන්නෙ නෑ නැත්තන් පේන්නෙ නෑ. දැන් අපි හමෝම ඉපදෙනව ඊටපස්සෙ ඉගෙනගන්නව. ඉගෙනගන්නත් ඉතින් සෑහෙන හේතු තියනව කස්ටියට. සමහරු හොද රස්සාවක් කරන්න ඔනි කියල හිතාගෙන ඉගෙනගන්නව තව සමහරු තරගෙට විභාගෙ පාස් වෙන්න ඉගෙනගන්නව අනිත් උන්ට වඩා ලකුණු ගත්තම මාර හැපි ඉතින් උන්ට, තව කට්ටියක් ඉගෙනගන්න ඔනි කියල ඉගෙනගන්නව උන්ගෙ ආතල් එක තමයි හැම එකාම කියපු හැම එකම ඉගෙනගන්න එක. හරි දැන් ඔක කොහොම හරි කරාය කියමුකො ඊටපස්සෙ කස්ටිය රස්සාවක් කන්නව ගෙවල් දොරවල් හදනව ඕව ඉතින් හමෝම කරන්න ඔනිලුනෙ.. ඊටපස්සෙ ඉතින් කසාද බදින්නත් ඕනිලු (අපිනම් දන්නෙ නෑ අපි තාම පොඩි ලමයිනෙ) ඊටපස්සෙ ලමයි හදනවලු.. ඔය ඔක්කොම කරල අන්තිමට මැරෙනව. ආ ඕව විතරක්යැ ඔය හැම එකක්ම අනික් උන්ට වඩා ලොකුවට කරන්නත් ඕනි නැත්තන් ඒක කොලිටි නෑ. මේ ලෝකෙ ඉන්න හැම එකාම කරන්නෙ ඔය ටික. හැබැයි ඉතින් ඕව ආවට ගියාට කරන්න බෑ මොකද අපි සත්තු වගෙ නෑනෙ මනස උසස්ය කියනවනෙ ඉතින් අපිට සදාචාරය, සංස්කෘතිය, සභ්යත්වය අප්පෝ තව සෑහෙන බර වචනත් තියනව (පිස්සු කියන්නෙ නිකංයැ) දැන් ඉතින් අන්තිමට අපි කරේ වර්ගයා බෝකරල මරුනු එක විතරනෙ. සත්තු කරන්නෙත් ඔය ටිකම නේද හැබැයි මගෙ හිතේ එකම වෙනස උන්ට අපිට වගේ පිස්සු නෑ…

Wednesday, October 17, 2012

පිස්සෝ


                 ලොකෙ ඉන්න හැම පෘථඃජන මිනිහෙකුටම පිස්සු කියල බුදු බනෙත් තියනවලුනෙ (පෘථඃජන කියන්න ගිහින් spelling වැරදුනාද දන්නෑ ඉතින්). ඉතින් මෙ පිස්සු ලෝකෙ ඉන්න තවත් පිස්සෙක් දකින පිස්සු විකාර ටිකක් නිකන් දෙන blog කේ ලියන්න හිතුන. ලංකාවෙ අපි ඉතින් නිකන් දෙනවනම් උනක් හෙම්බිරිස්සාවක් උනත් ගන්නවලුනෙ... මේ පිස්ස ඉතින් ලියන්න ගියාට වැඩිය ලියන්න දන්න එකෙක් නෙමෙයි ඒක හින්ද අමුවෙන්ම ලියනව ඉතින්.....