Wednesday, November 21, 2012

ප්‍රතම ප්‍රේමයේ සිහිනය


නින්ද නැති රැයේ සඳ කදුලු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ

කිලිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුලුවෙමි දෙනෙත් පියා ඔබගෙ උනුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යායුතුව තිබේ

රැය ගෙවේ සදත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ

Monday, November 19, 2012

Titanic නැව


ටයිටැනික් නැව ගිලුනෙ නෑ
අයිස් පරයක හැපුනෙ නෑ
මැරුණෙ නැති හින්දා - ජැක් රෝස් බැන්දා

ජැක් හොදට බොනවා
ජැක්ට බඩ එනවා
ව්‍යාග්‍රාවෙන් ලොරි අරන් - දෙව්ලොවට යනවා

රෝස් බත් කනවා
රෝස් නිදියනවා
සෙක්සි සාධුගෙ බණ අහන්නට - අසපුවට යනවා

                සදාතනික ආදරයේ රහස අහිමිවීම කියල අමුවෙන්ම කිවුවත් මරු සිංදුවක්....

සිංදුවෙ ලින්ක් එක,

Friday, November 16, 2012

FB ආගම


පාට පාට කණ්නාඩි දාගත්තු
එකම පාට මිනිස්සු
පාටවෙනස් යැයි කියමින්
මරාගැනීම….