Tuesday, October 23, 2012

ඈතට ඇපල් ලගට පැපොල්


                                    ඈතට ඇපල් ලගට පැපොල් කිවුවම ඉතින් කස්ටියට එක එක පිස්සු විකාර හිතෙනව ඇති. (බඩගින්නට ඇපල් මොකෝ පැපොල් මොකෝ කියපු අයත් නැතෑ…) මේකෙ කියන්නෙ වෙනම එකක්. වෙනම එකක් කිව්වට ඔය කලින් කිව්ව එකටත් දැම්මැකි ඉතින්…
                                    දැන් අපි කාව හරි(මොකක් හරි) ඈතින් දැක්කහම (ඈතින් කිව්වෙ භෞතිකව නෙමෙයි හොදේ) අපි හිතාගන්නව මෙයා(නැත්තන් මේක) මේ වගේ (blaa blaa blaa…) ඇති කියල. ඒත් ඉතින් ඒ හිතාගන්න එක මේලෝකෙ නෑනෙ ඒක තියෙන්නෙ අපේ හිතේ. ලගට ගියාම මේ අපි හිතන් හිටපු දේ නෙමෙයි කියල තේරෙනව ඉතින් පැපොල් වෙන එක අහන්නත් දෙයක්ද නේද…
ස්වාමීන්වහන්සේ නමක් ඕකට හොද උදාහරනයක් කිවුව. දැන් අපි ඉගෙනගන්නව ගොඩක් අය ඉගෙනගන්නෙ රස්සාවක් කරන්නලු හරි දැන් එයාලට ඉගෙනගන්න එක දුකයි හැබැයි රස්සාව ඕනි හින්ද ඒකත් කොරනවලු. දැන් ඉගෙනගත්තයි කියමුකො රස්සාව දුකයි හැබැයි සල්ලි ඕනි හින්ද ඒකත් කොරන්න වෙනව.. දැන් සල්ලි ටිකකුත් හොයාගත්ත කියමුකො වියටදන් කරන්න දුකයි හැබැයි වියදන් කරල ගන්න දේට ආසයි. ආස උනාට ගන්නෙ ඔය මුලින්ම කිවුව වගේ හිතින් හදාගන්න දෙයක්.. ගත්තයින් පස්සෙ ඉතින් පැපොල් තමයි… දැන් මොකද කරන්නෙ ඔහොම තමයි හැම එකම….
දැන් ඉතින් සමහර අය කියයි එයාල සදාකාලික ඇපල් ගෙඩි දැකල තියනව කියල. ඕක වෙන්නෙ මෙහෙමයි මගෙ හිතේ ඇපල් ගෙඩිය හැමදාම ඈතින් තියන් ඉන්නකන් ඒක ඇපල් තමයි ලං වෙලා බැලුවම පැපොල් වෙයි ඉතින්… දැන් ඉතින් කස්ටිය කියයි මේ පිස්ස බන කියනව කියල අවුලක් නෑ බන උනත් කියන්නෙ පිස්සෙක්නෙ ඒක හින්ද වැඩිය හිතන්න එපා…

3 comments:

  1. පිස්සුම තමයි…..හමුදුරුවො එදා දිපු උදාහරණ නම් මරු…
    ඇපල් කියල හිතන් ඉන්න ගොඩක් දේවල් පැපොල් තමා බන්
    ඒකනෙ උන්නාන්සෙල ඇපල් ඕන් නෑ කියන්නෙ .. :D




    ReplyDelete
  2. ඇපල් කොහෙවත් නෑ බං :D

    ReplyDelete
  3. තව ලං වෙලා බැළුවොත් දූරියන් වගේ තමයි . කන්න ඔනේ උනත් බෑ ගඳයි .

    ReplyDelete