Friday, November 16, 2012

බල්ලෙක් හා කොල්ලෙක්


             මට උඹව තාමත් එදා වගේම මතකයි.. උඹේ පොඩි කාලෙ ගැනනම් වැඩි මතකයක් නෑ එතකොට මාත් පොඩීනෙ.. ඒත් මට මතකයි උඹ පොඩි කාලෙ දවසක් උඹේ අම්ම උබට කොහෙ හරි විසිකල්ල තිබුනු ඉදිආප්ප කවරයක් ගෙනත් දුන්න. හරියට අපි උඹට කන්න දෙන්නෙ නෑ වගේ… උඹේ අම්ම පාරෙ හිටපු බැල්ලියක් උනාට කෑමක් හම්බුනාම උඹව මතක් වෙන්න ඇති උඹත් හොද කෑම තිබුනයි කියල අම්ම ගෙනත් දීපු දේ නොකා හිටියෙ නෑ උඹත් උබේ අම්මට ආදරේ ඇති කියල මට එදා හිතුන… බල්ලොත් මිනිස්සු වගේමයි පුංචි මට හිතුනෙ ඔච්චරයි…

             තව මට මතකයි උඹටයි පූසටයි කිරි දුන්නම උඹේ කිරි එක ඉක්මන්ට බීල පූසගෙ කිරි එකත් පැත්තකින් බොනව පූස පිම්බට උඹ ගනන් ගන්නෙ නෑ… උඹ ටික ටික ලොකු උනා ඊටපස්සෙ මං ඉස්කෝලෙ ඇරිල එන වෑන් එක ගාවට එන්න උඹ පුරුදු උනා මාව දැක්කම අවුරුදු ගානකට පස්සෙ දැක්ක වගේ උඹ හිනාවුනා බල්ලන්ට හිනාවෙන්න බෑ කියන මිනිස්සු උඹ වගේ බල්ලෙක් දැකල නැතුව ඇති. උඹ මාව එක්කයන්න වෑන් එක ලගට ආව වගේ පෙන්නුවට ඒකට තවත් හේතු තිබුන කියල ඒ කාලෙ මට තේරුනේ නෑ. හැබැයි දැන් මට මතකයි වෑන් එක නවත්තන තැන ගෙදර හිටපු බැල්ලිට උබ බැල්ම දාපු හැටි හරියට දැන් කොට සායක් ඇදගෙන බස් එකේ යන කෙල්ලෙක් දිහා අපි බලනව වගේ… වෑන් එකෙන් බැහැල මං ගෙදර එනකොට මාත් එක්කම ගෙදර එන උඹ මගදි හම්බවෙන බලු තඩියන්ට සද්දෙ දාන හැටිත් මට මතකයි ඒ අර බැල්ලිට පේන්නද දන්නෙත් නෑ…
            කොහොම හරි උඹ ඊටපස්සෙ බැල්ලියෙක් සෙට් කරගත්ත මිනිස්සු වගේ ලොකුවට මංගල උත්සව නොගත්තට මට එහෙම හිතුනෙ මේ පැත්ත පලාතට වෙන බල්ලෙකුට එන්න දෙන්නෙ නැති උඹ ඉද්දි බැල්ලියෙක් අපේ ගෙවල් පැත්තෙ ඇවිදිනකොට… මට මතකයි සමහර දවසට උඹට දෙන කෑම එකෙන් ටිකක් ඉතුරු කරල යනව බැල්ලි ඇවිත් ඉතුරු ටික කනකොට උබ දැක්කෙ නෑ වගේ ඉන්නව අහක බලාගෙන… වෙන මොකෙක් හරි සතෙක් ඕක කන්න ආවනම් මං දන්නෙ නැතෑ උඹේ හැටි..
කෑම වෙලාවට ඇවිත් උඹ ඉතුරු කරන කෑම ටික කාල යන බැල්ලි ගැන අපි කවුරුත් සැලකුවෙ නැතැත් උඹ ඒ බැල්ලිට පැටවු දාන්න ගේ පිටිපස්සෙ වැස්සට නොතෙමෙන තැනක් හදල දුන්න නේද? ඊට පස්සෙ ඉතින් උඹ දන්නෑ වගේ ඉන්නව උඹ එහෙම හිටියට ගෙදර කවුරු හරි ඒ බැල්ලිට ගහුවොත් බැන්නොත් උඹේ මූන ඇබුල් වෙන හැටි මට තාම මතකයි…
              උඹ අවුරුදු 7ක් විතර හොදට හිටිය. එකපාරට උඹ ලෙඩ උනා කෑම කන්නෙ නැතුව ගියා පනු බේත් පෙවුවට උඹ සනීප උනේ නෑ. උඹට වමනෙ යන්න ගත්ත ඒත් එක්ක ලේත් ගියා උඹව ගැටගහල තියාගත්තෙ කොහෙ හරි යයි කියල… බල්ලො තමන්ගෙ ගෙදර ඉඩමෙ මැරෙන්නෙ නෑ කියල තියන කතාව ඇත්ත වෙන්න ඇති උඹේ ලගට මට කිට්ටු වෙන්න දුන්නෙ නෑ උඹ මරු විකලෙන් මාව හපයි කියල ඒත් මං දන්නව උඹ එහෙම කරන්නෙ නැති බව… කොහොමහරි එදා දෙසැම්බර් මාසෙ 24 වෙනිද මට මතක විදියට… එදා උඹ මැරුන ලොකු අවමගුල් උත්සවයක් නොතිබුනාට මට එදා ඇඩුන මට මතකයි…
             මගේ පොඩිකාලෙ මගේ යාලුවා වෙච්ච මගේ බලු යාලුවේ උඹ හොද ලෝකෙකට යයි උබ කාටවත් වැරැද්දක් කරල නෑනෙ… මට උඹව තාම මතකයි.. උබෙන් පස්සෙ ආයි බල්ලො හදුවෙ නැත්තෙ උඹ වගේ හොද බල්ලෙක් ආයි හොයන්න බැරි හින්දද බල්ලන්ගෙ ආයුෂ මිනිස්සුන්ට වඩා ගොඩක් අඩුයි කියල තේරුනු හින්දද කියල මට හිතාගන්න අමාරුයි…
             කොහොම වෙතත් උඹේ පොඩි බලු ජීවිතේ දික්කරල ගෙවන මම තාම ජීවිතේ පටන්ගත්ත විතරයි. තාම මං ඉන්නෙ උඹ අර මාව වෑන් එක ගාවට එක්ක යන්න ආපු, එතන ගෙදර බැල්ලිට බැල්ම දාපු, නිදහසේ හිටපු, බල්ලොත් එක්ක වලි දාගත්තු උඹ හිටපු තැන.
             උඹව මට හැමදාම මතක් වෙයි සමහරවිට මං මැරෙන දවසටත් උඹව මතක්වෙයි එදාට මට සමහරවිට හිතෙයි උඹ අවුරුදු 7න් කරපු ටික මං අවුරුදු 60ක් 70ක් තිස්සෙ කරා නේද කියල උඹේ පුංචි බලු ජීවිතේ මම මගෙ ජීවිතකාලෙම ගෙවල නේද කියල…

7 comments:

  1. "..උඹ අවුරුදු 7න් කරපු ටික මං අවුරුදු 60ක් 70ක් තිස්සෙ කරා නේද කියල.."-සිරා කතාව ;)
    පොඩි කාලෙ ඒව මෙහෙම මතක තියෙන එකත් නියමයි ආහ් :)

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ශේන්........... මටත් තාම මතකයි. බල්ලෙක් උන උබේ හොදම යලුවා මටත් වඩා උබ එ බල්ලට ලන් උනා

      Delete
    2. ඌම නෙමෙයි බං මං හදාගත්ත ඌ..
      මගේ පිස්සු ලෝකෙ ඉන්න ඌ......

      Delete
  3. හ්ම්ම්... ඇත්ත තමයි කතාව..

    ReplyDelete
    Replies
    1. ඈ ඇත්ත ඔය ඉතිං මට බල්ල නොකිය බල්ල කිව්ව නේද?? :( :D

      Delete