
Friday, October 19, 2012
Thursday, October 18, 2012
ඒකාකාරී පිස්සෝ
මේ ඔක්කොම
මාරම ඒකාකාරී.. ඒ ඇයි කියල කවුරුවත් බලන්නෙ නෑ නැත්තන් පේන්නෙ නෑ. දැන් අපි හමෝම ඉපදෙනව
ඊටපස්සෙ ඉගෙනගන්නව. ඉගෙනගන්නත් ඉතින් සෑහෙන හේතු තියනව කස්ටියට. සමහරු හොද රස්සාවක් කරන්න
ඔනි කියල හිතාගෙන ඉගෙනගන්නව තව සමහරු තරගෙට විභාගෙ පාස් වෙන්න ඉගෙනගන්නව අනිත් උන්ට
වඩා ලකුණු ගත්තම මාර හැපි ඉතින් උන්ට, තව කට්ටියක් ඉගෙනගන්න ඔනි කියල ඉගෙනගන්නව උන්ගෙ
ආතල් එක තමයි හැම එකාම කියපු හැම එකම ඉගෙනගන්න එක. හරි දැන් ඔක කොහොම හරි කරාය කියමුකො
ඊටපස්සෙ කස්ටිය රස්සාවක් කන්නව ගෙවල් දොරවල් හදනව ඕව ඉතින් හමෝම කරන්න ඔනිලුනෙ.. ඊටපස්සෙ
ඉතින් කසාද බදින්නත් ඕනිලු (අපිනම් දන්නෙ නෑ අපි තාම පොඩි ලමයිනෙ) ඊටපස්සෙ ලමයි හදනවලු..
ඔය ඔක්කොම කරල අන්තිමට මැරෙනව. ආ ඕව විතරක්යැ ඔය හැම එකක්ම අනික් උන්ට වඩා ලොකුවට කරන්නත්
ඕනි නැත්තන් ඒක කොලිටි නෑ. මේ ලෝකෙ ඉන්න හැම එකාම කරන්නෙ ඔය ටික. හැබැයි ඉතින් ඕව ආවට ගියාට කරන්න බෑ මොකද අපි සත්තු වගෙ නෑනෙ මනස උසස්ය කියනවනෙ ඉතින් අපිට සදාචාරය, සංස්කෘතිය, සභ්යත්වය
අප්පෝ තව සෑහෙන බර වචනත් තියනව (පිස්සු කියන්නෙ නිකංයැ) දැන් ඉතින් අන්තිමට අපි කරේ වර්ගයා
බෝකරල මරුනු එක විතරනෙ. සත්තු කරන්නෙත් ඔය ටිකම නේද හැබැයි මගෙ හිතේ එකම වෙනස උන්ට
අපිට වගේ පිස්සු නෑ…
Wednesday, October 17, 2012
පිස්සෝ
ලොකෙ ඉන්න හැම පෘථඃජන මිනිහෙකුටම
පිස්සු කියල බුදු බනෙත් තියනවලුනෙ (පෘථඃජන කියන්න ගිහින් spelling වැරදුනාද දන්නෑ ඉතින්). ඉතින් මෙ
පිස්සු ලෝකෙ ඉන්න තවත් පිස්සෙක් දකින පිස්සු විකාර ටිකක් නිකන් දෙන blog එකේ ලියන්න හිතුන. ලංකාවෙ අපි ඉතින් නිකන් දෙනවනම්
උනක් හෙම්බිරිස්සාවක් උනත් ගන්නවලුනෙ... මේ පිස්ස ඉතින් ලියන්න ගියාට වැඩිය ලියන්න දන්න එකෙක් නෙමෙයි ඒක හින්ද අමුවෙන්ම ලියනව ඉතින්.....
Subscribe to:
Posts (Atom)