Wednesday, November 21, 2012

ප්‍රතම ප්‍රේමයේ සිහිනය


නින්ද නැති රැයේ සඳ කදුලු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ

කිලිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුලුවෙමි දෙනෙත් පියා ඔබගෙ උනුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යායුතුව තිබේ

රැය ගෙවේ සදත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ

5 comments:

  1. කපුගේ... මගේ හිතේ නැවතුණු ගායකයෙක්.. ඒ කටහඬ අමරණීයයි..
    මගේ පළමු පැමිණීම.. සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් කපුගේ කියන්නෙ අමරණීය ගායකයෙක් බොහොම ස්තූතී කමෙන්ටුවට

      Delete
  2. මං ආසම සිංදුවක්..හිත සසල කරපු සිංදුවක්..
    ජීවිතය ඉතිං අපේ,,සිහිනයක් නොවේ,,
    හෙට උදෙන්ම අවදි වී යා යුතුව තිබේ..

    ReplyDelete